වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අමෙරිකානු හමුදා මෙහෙයුමක් මඟින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධූරය භාරගන්නා ලෙස නියෝග කරමින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධූරය ඇය විසින් භාරගනු ඇති බව එම අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇති බවයි.
(colombotimes.lk)
