05 January 2026

logo

යතුරුපැදියක් තාප්පයක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ බේරුවල පොලිස් වසමේ බේරුවල ශාන්ත ආනා මාර්ගයට පිවිසෙන හන්දියේදීයි.

එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 26ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)