වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හී පිපිරීම් කිහිපයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීම් එරට වේලාවෙන් අද (03) සිදු වී තිබෙන බවයි.
BBC මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ එම ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබාදී ඇති බවයි.
මෙම ප්‍රහාර වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් එල්ල කර තිබෙනවා.
(colombotimes.lk)
