24 February 2026

logo

වෙනිසියුලානු ජනපති සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට



වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයා සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙන බවයි. 

'ඇමරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව දියත් කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටුවහල් කළා' යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහනේ සඳහන් කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ එරට අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. 

(colombotimes.lk)