වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හී පිපිරීම් කිහිපයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීම් එරට වේලාවෙන් අද (03) සිදු වී තිබෙන බවයි.
මෙම පිපිරීම් හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් එම ප්‍රදේශය වැසී ගොස් තිබෙනවා.
එමෙන්ම මෙම පිපිරීම් සිදුවීම හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
