2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බවයි.
ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ඉකුත් මස 09වනදා නිකුත් කළ චක්‍රලේඛය මත ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය ඉකුත් 22වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් 26වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.
(colombotimes.lk)
