colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි පරාජයක්



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති 2වන එක්දින තරගය ලකුණු 15කින් ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කරගත්තා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් වාර්තා කළ 3වන ක්‍රීඩිකාව බවට වාර්තා අතරට එක් වෙමින් හර්ශිතා සමරවික්‍රම ලකුණු 105ක් රැස් කළා.

කෙසේ වෙතත් ඇය අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට ලක් වුණා.

ඇය දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 210ට කඩුලු 5ක් ලෙස සටහන් වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 240ක් පමණයි.

ඒ අනුව දෙවන එක්දින තරගයද පරාජයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් හිමි වුණා.

(colombotimes.lk)