23 January 2025


නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා



නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම්දෙනවා. 

ඒ නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ දුරුතු නද මහ පෙරහැර හේතුවෙන්. 
 
ඒ අනුව අද (27) රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පෙරහැර පැවැත්වීමට නියමිතයි. 
 
එම පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා. 
 
පෙරහැර ආරම්භ කර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ කොළඹ - කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව පවතිනු ඇති. 
 
එලෙස ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියදුරන්ට සහ මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ. 
 
*කොළඹ සිට නුවර දෙසට ගමන් කරන රථ වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන්කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මංසන්ධියට පැමිණ වමට හැරී නුවර දෙසට ගමන් කළ හැකියි. 
 
* මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයට ගමන් කරන වාහන කළගෙඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරය දක්වා ගමන් කර දකුණට හැරී වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ මීටර් 100ක් ඉදිරියට ගොස් වමට ඇති කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මීරිගම මාර්ගයට පිවිස වමට හැරි මීරිගම දෙසට ගමන් කළ හැකියි.
(colombotimes.lk)