colombotimes.lk
සිංහල | English

02 May 2024

දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කරයි



දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක පවතින දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ අනුව උඩරට මාර්ගයේ 80% ක් දුම්රිය පීලිපැනීම්වලට ලක්ව ඇත්තේ, නැරඹුම් මැදිරි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
ඒ හේතුවෙන් නැරඹුම් මැදිරි 4 න් 2 ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පැවසුවා.
(colombotimes.lk)