13 July 2025

logo

අද සවස දුම්රිය ප්‍රමාදයක්



අද (13) දින සවස මොරටුව හා පානදුර දුම්රිය ස්ථාන අතර ධාවනය වන දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද උදෑසන මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණා.

මේ වන විට එම ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයක් දුම්රිය ධාවනයට එක් කොට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කොට තිබෙනවා.

නමුත් මාර්ගයන් දෙකම ධාවනයට එක් නොකිරිම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදු විය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරත් සඳහන් වන්නේ.
(colombotimes.lk)