නවතම T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පසුබැසීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකට සහ කුසල් මෙන්ඩිස්ට සිදු වී තිබෙනවා.
පැතුම් නිස්සංක මෙහි 03වන ස්ථානයේ සිට 04වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කුසල් මෙන්ඩිස් 13වන ස්ථානයේ සිට 19වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
කෙසේ වෙතත් මෙහි පෙරමුණ තවමත් හිමි කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ අභිෂේක් ෂර්මා විසින්.
(COLOMBOTIMES.LK)
