01 February 2025


මෙවර උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නේ මෙහෙමයි (VIDEO)



අ.පො.ස උසස් පෙළ - 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. 

ඒ අනුව UGC (space) විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් ප්‍රතිඵල ලැබුණු සිසුන්ට විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකියි. 
 
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 84,176ක් ඉල්ලුම් කර ඇති අතර අපේක්ෂකයින් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා බඳවා ගැනීමට නියමිතයි. 
 
ඒ පහත ලෙසයි... 
 
  1. ජෛව විද්‍යාව - 9,896 
  2. භෞතික විද්‍යාව - 8,071
  3.  වාණිජ - 7,850 
  4. කලා විෂය ධාරාව - 11,780 
  5. ඉංජිනේරු තාක්ෂණවේදය - 2,295 
  6. ජෛව පද්ධතිය තාක්ෂණය - 1,536 
  7. ඉහත කිසිදු විෂය ධාරාවකට අදාළ නොවන සිසුන් - 719 
 
මේ සම්බන්ධව දැනුම්දීමේ මාධ්‍ය හමුව පහතින් ඔබට නැරඹිය හැකියි.
(colombotimes.lk)