01 February 2025


වාහන ආනයනය සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් කරයි



පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම අද (01) සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව කැබ් රථ, යතුරු පැදි, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

(colombotimes.lk)