05 May 2026

logo

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අනතුරකට ලක්වෙයි



පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 7ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා ධාවනය වූ වෑන් රථයක් මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

අනතුරින් පාසල් සිසුන් 13දෙනෙක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)