17 July 2025

logo

වටවල අගරකන්ද මාර්‌ගයේ නායයෑමක්



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වටවල අගරකන්ද මාර්ගයේ කොටසක් අද (12) නායයාමට ලක්වී තිබෙනවා.

වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ සඳහන් කළේ එම මාර්‌ගයේ ලොනැක් වත්තට පිවිසෙන මාර්‌ගය අසලින් මෙම නායයෑම සිදු වී ඇති බවයි. 

ඒ අනුව එම මාර්‌ගයේ බර වාහන ධාවනය සම්පූර්‌ණයෙන්ම නතර කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)