කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
