19 October 2025

logo

බස්නාහිර පළාතේ පාසල්වලට ඩෙංගු අවදානමක්



බස්නාහිර පළාතේ පාසල්වලින් 70%ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා.

ජාතික ඩෙංගු මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ පසුගිය දිනවල සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව එය තහවුරු වූ බවයි. 
 
එමෙන්ම සියලුම පොදු ස්ථාන මදුරුවන් බෝවන ස්ථාන බවත්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු පැවසුවා. 
 
ඒ අනුව සියලුම මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශ කිරීමේ බලය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා.
(colombotimes.lk)