කොටගල ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (29) බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ අනුව කම්කරු කාන්තාවන් 7 දෙනෙකු මෙසේ රෝහලට ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා.
මෙසේ බඹර ප්‍රහාරයට ලක්වී ඇත්තේ ග්‍රේග්ලි වතුයායේ කම්කරුවන් පිරිසක් බව සඳහන්.
තේ පඳුරක බැඳ තිබූ බඹර වදයක් සේවකයෙකුගේ පයට පෑගීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
(colombotimes.lk) 





