26 May 2026

logo

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (22) සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)