බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උතුර සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ බටහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව එම නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)