02 May 2026

logo

'යුක්තිය' මෙහෙයුමෙන් තවත් 733ක් අත්අඩංගුවට



දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති ද්‍රව්‍ය වන්නේ,
හෙරොයින් 130g
අයිස් 159g
ගංජා 1725kg 900g
ගංජා පැල 211,804
මාවා 05kg 525g
මදන මෝදක 121g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 589 දෙනා අතරින් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන සැකකරුවන් 05 දෙනෙකු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 04 දෙනෙකු පුනරුත්තාපනය සදහා යොමු කෙරුණා.

මීට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 128 ක්ද සිටින බව සඳහන්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03 දෙනෙක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)