colombotimes.lk
සිංහල | English

17 September 2024


සිම්බාබ්වේ ලෝක කුසලානය ඉල්ලයි



බංග්ලාදේශය තුළ පැවැත්වීමට නියමිත 2024 T20 කාන්තා ලෝක කුසලානය එරට තුළ නොපවත්වන්නේ නම් එය සිය රටේදී පවත්වන ලෙස සිබ්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ඉල්ලීමක් කර තිබෙනවා.

සිම්බාබ්වේ සිය ඉල්ලීමෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ලෝක කුසලානය පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඔක්තෝබර් මාසයේදී එරට තුළ වැසි රහිත කාලගුණයක් පවතින බවයි.

බංගලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ලෙස බංග්ලාදේශයේම පවත්වනවාද නැතහොත් වෙනත් රටකට රැගෙන යන්නේද යන්න ICCය මේ වනවිට සලකා බලමින් සිටිනවා.

ඒ අනුව ICCය විසින් එම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මේ මස 20 වනදා රැස්වීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)