04 December 2025

logo

වසා දැමුණු සත්වෝද්‍යාන යළි විවෘත කරයි



අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ වසා දමා තිබූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අනුබද්ධ සියලු ආයතන ජනතාවට නැරඹීම සදහා යළි විවෘත කර තිබෙනවා. 

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය පළමුවනදා සිට අදාළ ආයතන යළි විවෘත කිරීමට පියවර ගත් බවයි. 

ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)