04 December 2025

logo

ආධාර රැගත් තවත් ඉන්දීය ගුවන්යානයක් දිවයිනට



ඉන්දීය ආපදා ආධාර රැගත් තවත් ගුවන්යානයක් අද (04) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

එම ගුවන්යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබෙන බවයි වාර්තා වන්නේ.

එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වන පාලම වනවා. 

මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන්යානය මඟින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාරදීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම පාලම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතයි. 

මීට අමතරව බෝට්ටු, සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද ඉන්දීය ආධාර අතර වනවා. 



(colombotimes.lk)