04 December 2025

logo

විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ට දිවි අහිමි වෙයි



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි බල පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවල යෙදී සිටී විදුලි බල මණ්ඩලයේ සේවකයෙක් හෙට්ටිපොළ ප්‍රදේශයේදී මිය ගොස් තිබෙනවා.

ඔහු බෝවත්ත - විරපොකුණ ප්‍රදේශයේ බිඳවැටීම් යථාවත් කරමින් සිටින අතරතුර මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් තිබෙන්නේ කුලියාපිටිය, හෙට්ටිපොළ ප්‍රදේශයේ සේවා මධ්‍යස්ථානයේ සේවය කළ 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.    


(colombotimes.lk)