04 December 2025

logo

ජනපති හා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්



අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ ලෙස හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබාදීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන්වා.

ඒ ජනපති, නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති හමුවේදීයි. 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.

මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

නායයෑම් හේතුවෙන් නිවාස 1289ක් පූර්ණ හානියට සහ නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්වී තිබෙන බව දැනට සිදු කළ සමීක්ෂණවලදී තහවුරු වී ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් පෙන්වාදී තිබෙනවා.

(colombotimes.lk)