18 October 2025

logo

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට



කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙක්ට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කළුතර උතුර පොලීසිය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන ජේලර්වරයෙක් බව පොලීසිය සඳහන් කළා. 

පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක්ට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බවට හෙළි වූ බවයි. 

(colombotimes.lk)