වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට ලබාදෙන රුපියල් 3,000ක මාසික දීමනාව පෙබරවාරි 20වනදා සිට ගෙවීමට තීරණය කර තිබෙනවා.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වසරේ නොවැම්බර් මාසයේ සිට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි.
ඒ අනුව අස්වැසුම පවුල් වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් / උපතැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)