26 July 2025

logo

දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම උතුරු, උතුරු-මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)