ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12දෙනෙක්ට ලබන 11වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (07) සිතාසි නිකුත් කර තිබෙනවා.
විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසි නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.
මෙම නඩුව මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.
(colombotimes.lk)