2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම නව දේපළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
දේපළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කිරීමට නියමිතයි.
(colombotimes.lk)