ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රියදුරු ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළ බවයි.
ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙක් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)