08 July 2025

logo

වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්



ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
 
ඒ අනුව ඇය ජූලි 15වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම නඩුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
 
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)