ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා.
ඒ ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහායි.
'දිට්වා' සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලදී පුද්ගල සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියා.
ඇය විසින් නිකුත් කළ X ගිණුමේ සඳහන් වන්නේ මෙම යානා වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිත බවයි.
(colombotimes.lk)
