10 January 2026

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ අදියර 02 යටතේ මාතලේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අනතුරු අඟවා තිබෙන බවයි.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ නායයෑමේ ලක්ෂණ දුටු විගස එම ස්ථානවලින් වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.     

(colombotimes.lk)