හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන ජනවාරි 23වනදා දක්වායි.
සැකකරුවන් පිරිස අද (09) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී ස.තො.ස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
