10 January 2026

logo

දෙවන T20 සටනට වැස්සෙන් බාධා - තරගය ආරම්භය ගැන දැනුම්දීමක්



සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ තරගය පස්වරු 10.15වන විට හෝ ආරම්භ කිරීමට හැකි වුවහොත් එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා කර තරගය පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වැහි ආවරණවලින් ආවරණය කර තිබෙනවා.

(colombotimes.lk)