නුවරඑළිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ සහ වෑන් රථ සංගම් සාමාජිකයන් අද (09) තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ නුවරඑළිය ප්‍රදේශයේ pick me කාර්යාලයක් විවෘත කිරීමට එරෙහිවයි.
කඳු බෑවුම් සහිත ප්‍රදේශවල ධාවනයේදී ඉන්ධන වැඩි ප්‍රමාණයක් දහනය වන බව එහිදී උද්ඝෝෂණකරුවන් සඳහන් කළා.
ඔවුන් කියා සිටියේ pick me රථ රියදුරන්ගේ මුදලට ඔවුන්ට ප්‍රවාහනය කිරීමට නොහැකි බවත් pick me ආයතනයට සම්බන්ධ රියදුරන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන එම ක්‍රියාව හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපායටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි.



