ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ ගුවන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 07දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
Redbird Airways සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් මෙලෙස අනතුරට ලක් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය ඊයේ (23) පස්වරු 7.11ට රාංචි ගුවන්තොටුපොළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර ඇති අතර පස්වරු 7.30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ බවයි.
ඉන් පසුව සිදුකළ විමර්ශනවලදී යානය ඝන වනාන්තර ප්‍රදේශයට කඩා වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)
