24 February 2026

logo

තවත් මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන රිය අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි. 

ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා. 


(colombotimes.lk)