22 February 2026

logo

සංචාරක බස් රථයක් බයිකල් විලෙහි ගිලීයාමෙන් 07කට දිවි අහිමි වෙයි



චීන සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් රුසියාවේ සයිබීරියාහිදි අයිස් මිදී ඇති බයිකල් විලෙහි ගිලී යාමෙන් පුද්ගලයින් 07දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විලෙහි මතුපිට ඇති ඝන අයිස් තට්ටුව මතින් බස් රථය ධාවනය කරමින් තිබියදී අයිස් තට්ටුව පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

එමෙන්ම එම අනතුර සිදුවූ ස්ථානයේ ගැඹුර අඩි 60ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)