24 February 2026

logo

ඉදිකිරීමට යන නිවාස ප්‍රමාණය හෙළි කරයි



මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා. 

ඔහු කියා සිටියේ 'තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ 2026 ජාතික නිවාස වැඩසටහන හෙට (25) ආරම්භ කිරීමට නියමිත බවයි. 

එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන දිස්ත්‍රික් 13ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. 

(colombotimes.lk)