වනඅලි ප්‍රහාරයකට ලක් වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඒ පානම ප්‍රදේශයේ, පානම වැව අසලදීයි.
ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ පානම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම පුද්ගලයා දිය නෑමට පානම වැවට ගොස්, තම ගොවිතැන් කටයුතු සිදු කරන වාඩියට පැමිණෙමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)
