02 July 2025

logo

උගන්ඩාවේ පුද්ගලයන් 100ක් අතුරුදන් වෙයි



උගන්ඩාවේ බුලම්බුලි දිස්ත්‍රික්කයට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ නායයෑමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම නායයෑමෙන් පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 100 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

එමෙන්ම නායයෑම හේතුවෙන් නිවාස 40ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එරට ආරක්ෂක අංශ සඳහන් කළේ නායයෑමට හසුවූ පුද්ගලයන් සොයා අඛණ්ඩව මුදවාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවයි.  

(colombotimes.lk)