08 November 2025

logo

රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1087ක් අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (07) දිනයේදී සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 1,087දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසි මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි.
 
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11දෙනෙක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයන් 16දෙනෙක් පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බවයි. 

(colombotimes.lk)