08 November 2025

logo

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි



බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ධර්ම කීර්ති ශ්‍රී රතනපාල උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගිහිපැවිදි සාමාජිකයන් 19දෙනෙක්ගෙන් එම කමිටුව සමන්විත වන බවයි සඳහන් වන්නේ. 

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පුජ්‍ය ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේද එම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබනවා. 

මෙම වසරේ මාර්තු 10වනදා සිට 2027 වසරේ මාර්තු 09වනදා දක්වා කාලයකට බලපැවැත්වෙන පරිදි මෙම පුරාවිද්‍යා උපදේශක කමිටුව පත්කර තිබෙන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. 

(colombotimes.lk)