08 November 2025

logo

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් හා ලොරි රථයක් සමඟ සැකකරුවෙක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දුගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේදීයි.

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ එහිදී සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 1943ක් සමඟ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු වයස අවුරුදු 46 ක් වන පිටිපන, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)