08 November 2025

logo

ඇමරිකාවේ ගුවන් ගමන් 1200ක් අවලංගු කරයි



ඇමරිකාවේ දිනක් තුළ ගුවන් ගමන් 1,200ක් අවලංගු කර තිබෙනවා.

ඒ ආණ්ඩුව අකර්මණ්‍ය වීම හේතුවෙන්. 

ගුවන් ගමන් පාලකවරුන්ට වැටුප් රහිතව සේවය කිරීමට සිදුවී ඇති පසුබිමක මෙය සිදු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇට්ලන්ටා, නිව්වාර්ක්, ඩෙන්වර්, චිකාගෝ, හූස්ටන් හා ලොස් ඇන්ජලීස් ඇතුළු ගුවන්තොටුපොළවල් 40ක පමණ මෙම ගුවන් ගමන් අවලංගු කිරීම් සිදු කර තිබෙන බවයි. 

ආණ්ඩුව අකර්මණ්‍ය වීම හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසකට මේ වන විට වැටුප් රහිත නිවාඩු ලබාදී තිබෙනවා. 

ඇමරිකානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රොබට් අයිසොම් සඳහන් කළේ මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි. 

පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකාවේ ගුවන් ගමන් 200ක් පමණ අවලංගු කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් ගුවන් ගමන් 6,800කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවයි. 

(colombotimes.lk)