පිලිපීනයට බලපා ඇති 'කල්මේගි'සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 188දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ෂාව සමඟ ඇති වු තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මිලියන 1.6ක පමණ ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවයි.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පීඩාවට පත් වූ පුද්ගලයන් 537,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම විපතට පත් වූ පුද්ගලයන් මුදා ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
