08 November 2025

logo

මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ අඹු සැමි යුවළකට වැඩ වරදියි



අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබෙනවා. 

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහි පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක් කාන්තාව සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයාගෙන තිබෙනවා. 

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔවුන් දෙදෙනා කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා තිබෙන බවයි. 

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (08) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර, කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

(colombotimes.lk)